Skip to main content

Posts

Showing posts from September, 2026

ධර්ම කථික භික්ෂුණින් අතර අග්‍ර වූ චූල වේදල්ල සූත්‍රය දේශනා කල ​ධම්මදින්නා මහ රහත් තෙරණිය

  ධර්ම කථික භික්ෂුණින් අතර අග් ‍ ර වූ චූල වේදල්ල සූත් ‍ රය දේශනා කල ​ධම්මදින්නා මහ රහත් තෙරණිය     ​"ඡන්දජාතා අවසායී" ආදී වශයෙන් ආරම්භ වන ගාථාවන්ගෙන් ශෝභමාන වන්නේ ධර්මකථික භික්ෂුණීන් අතර අග් ‍ රස්ථානය හෙබවූ ධම්මදින්නා අරහත් තෙරණියන්ගේ උදාන ප් ‍ රකාශනයයි. ​තෙරණියන්ගේ සංසාරික ප් ‍ රවෘත්තිය දෙස බලන කල, මෙයින් කල්ප සියක්දහසකට (ලක්ෂයකට) පෙර පදුමුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ හංසවතී නගරයෙහි අතිශය දුප්පත්, අනුන්ට බැලමෙහෙකම් කරමින් පරාධීන ජීවන වෘත්තියක් ගෙවූ කුලයක උපන්නාය. ඇය දක්ෂ වූ, සීලසම්පන්න වූ, දිය අදින ස්ත් ‍ රියක් ලෙස ජීවත් වූවාය. එක් දිනක් ඇය පැන් කළය ද ගෙන යන විට, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග් ‍ රශ් ‍ රාවක වූ, නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි සුජාත මහා තෙරණුවන් වහන්සේ විහාරයෙන් නික්ම පිඬු පිණිස වඩිනු දුටුවාය.    උන්වහන්සේ දැක සිත අතිශයින් පහදාගෙන, තමන් සතු වූ කැවුම් සියතින්ම පූජා කළාය. මහතෙරණුවෝ එතැනම හිඳ ඒ කැවුම් වැළඳූ අතර, අනතුරුව ඇය උන්වහන්සේව තමන්ගේ ගෙදරට කැඳවාගෙන ගොස් සාදරයෙන් ආහාර පිළිගැන්වූවාය. ඒ කළා වූ පිනෙහි මහිමයෙන් හා ඇගේ ග...