Skip to main content

Posts

Showing posts from June, 2026

විමලා රහත් තෙරණින් වහන්සේගේ ගාථා වර්ණනාව

​ ​විමලා තෙරණියෝ පෙර ලොව පහළ වූ බුදුවරුන්ගේ කාලවලදී ද සසුන් කෙරෙහි උදාර වූ පින්කම් (අධිකාර්යයන්) සිදු කොට, සසරේ ඒ ඒ භවයන්හි මහා පින් රැස් කරමින් පැමිණි හේතු සම්පත් ඇති පින්වන්තියකි. ​ඇය තමාගේ අවසාන භවය වූ මෙම ගෞතම බුද්ධෝත්පාද කාලයෙහි,  විභූතිමත් විසාලා මහ නුවර එක්තරා නගරශෝභනියකගේ (ගණිකාවකගේ) කුසෙහි දියණියක වී උපන්නාය. ඇයට මව්පියන් තැබූ නාමය "විමලා" නම් විය. ඕ ක්‍රමයෙන් වියපත් වී, තාරුණ්‍යයෙන් මුහුකුරා ගිය කල්හි, සිය මවගේ වෘත්තියම (නගරශෝභනී වෘත්තියම) තමාගේ ද ජීවනෝපාය කරගනිමින්, රූප මදයෙන් හා යෞවන මදයෙන් මත්ව විසාලා නුවර වාසය කළාය. ​ ​දිනක්, සෘද්ධිමතුන් අතර අග්‍ර වූ, ඉඳුරන් දමනය කළ, ශාන්ත වූ ආයුෂ්මත් මහා මුගලන් මහ රහතන් වහන්සේ විසාලා නුවර පිඬු පිණිස හැසිරෙනු මේ විමලා දුටුවාය. උන්වහන්සේගේ අතිශය ශාන්ත වූ දේහ විලාසය දෙස බලා, අඥාන වූ ඇය,උන්වහන්සේ   කෙරෙහි පිළිබඳ සිතක් (රාග සිතක්) ඇති විය. ​ඇතැම් අටුවාචාරීන් වහන්සේලා පවසන පරිදි, බුදු සසුන කෙරෙහි ඊර්ෂ්‍යා කළ බාහිර තීර්ථකයන් (අන්‍ය ආගමිකයන්) විසින් මහා මුගලන් රහතන් වහන්සේ සිල් බිඳවා අපකීර්තියට පත් කරනු පිණිස මේ විමලාව ...

අසත්පුරුෂයාටත් සත්පුරුෂ නිවන් මගට යොමුකළ ආරඤ්ඤක අභය රහතන් වහන්සේ

ලක්දිව විසූ රහතන් වහන්සේලා - 08 මේ ලංකාද්වීපයේ ‘මහතලා’ නම් විහාරයේ ත්‍රිපිටකධාරී අභය නම් මහ තෙරුන් වහන්සේනමක් වැඩ වාසය කළේ ය. පසුව අභය තෙරුන් වහන්සේ එම ග්‍රාමාන්ත සේනාසනය අත්හැර කරන ලද කුටියක වාසය කළේ ය. එසේ හෙයින් උන්වහන්සේ ‘ආරඤ්ඤක රහතන් වහන්සේ’ යැයි ප්‍රසිද්ධ වූ සේක. එකල එක් උපාසකයෙක් මහ තෙරුන් වහන්සේගෙන් බණ අසා පැහැදී දොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි සිව්පස දානයෙන් උපස්ථාන කරන්නේ ය. මෙසේ උපස්ථාන කරන ඒ උපාසකයා සෑම අවුරුද්දක ම සිවුර සඳහා වස්ත්‍ර දන් සෙයි. එය දන්නා ‘හරන්තික’ නම් සොරෙක් රාත්‍රී කාලයෙහි ගොස් දුන් දුන් වස්ත්‍ර සොරකම් කොට රැගෙන පලා යන්නේ ය. තෙරුන් වහන්සේ දිරූ සිවුරු ම පොරවාගෙන සිටි සේක. ඒ උපාසකයා එය දැක නැවතත් සිවුරු පිණිස වස්ත්‍ර දන් දී සිතනුයේ ‘මා විසින් අපේ ආර්යයන් වහන්සේට සිවුරු පිණිස බොහෝ දෙන ලදී. ඉන් සිවුරක් කොට පොරවන බව මම තාම දැක නැත්තෙමි. මෙසේ වන්නට කාරණාව කුමක්දැයි පරීක්ෂා කළ මැනවැ’ යි සිතා රාත්‍රියෙහි ආසන්න ස්ථානයක සැඟවී සිටියේ ය. එකල හරන්තිකයා අලු‍ත් වස්ත්‍ර දුන් බව දැන රාත්‍රියෙහි විහාරයට අවුත් වස්ත්‍ර තිබූ තැනින් අරගෙන නැවතත් සැක නැතිව එම මගින් ම එමින...

පේසලා රහත් තෙරණින් වහන්සේගේ ථේරි ගාථා වර්ණනාව

​ ​මෙයින් බොහෝ කලකට පෙර, මේ මහා භද්‍රකල්පයෙහිම ලොව පහළ වූ, මුළු මහත් බ්‍රහ්ම ලෝකය දක්වාම පැතිරුණු කීර්ති ඝෝෂාවක් ඇත්තා වූ, වාදීන් අතර උත්තරීතර වූ කස්සප නම් ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ සමයෙහි පේසලා තෙරණියෝ, සැඳැහැවත් උපාසිකාවක් ලෙසින් සැවැත් නුවර කුලවත්  නිවසක උපන්නීය. ​දිනක් ඇය ඒ ජිනේන්ද්‍රයන් වහන්සේව සියැසින් දැක, උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්  ගලා හැළුණු මනහර දේශනාව ශ්‍රවණය කිරීමේ භාග්‍යය ලැබුවාය. ඒ මහා වීරයන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් තිසරණ වැද, දිවි හිමියෙන් පංචශීලය සමාදන්ව ආරක්ෂා කළාය. ​ ​එක්තරා දිනක කස්සප බුදුරජාණන් වහන්සේ මහා ජන සමාගමයක් මධ්‍යයෙහි වැඩසිටිමින්, තමන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් අයුරු (අභිසම්බෝධිය) මෙසේ ප්‍රකාශ කළ සේක,  ​"මහණෙනි, 'දුක්ඛං අරියසච්චං' (දුක නමැති ආර්ය සත්‍යය) ආදී වශයෙන් පෙර නොඇසූ විරූ උතුම් ධර්මයන්හි මට නුවණැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාලෝකය උදා විය." ​මෙම උදාර සිංහනාදය ශ්‍රවණය කළ පේසලා උපාසිකාව, ධර්මය කෙරෙහි දැඩි ඇල්මකින් එය මනාව ඉගෙන ගත්තාය. එපමණකින් නොනැවතී, ඇය නිරන්තරයෙන් ව්‍යක්ත භික්ෂූන් ව...

සාරාණීය වත පිරූ ලෙනගිරිවාසී තිස්ස මහතෙරුන් වහන්සේ

ශාසන දායාදය ලබන භික්ෂූන් වහන්සේ සම්පූර්ණ කරන වතක් තමයි සාරාණීය වත කියලා කියන්නේ. පිණ්ඩපාතයේ ගිහින් පාත්‍රයට ලැබෙන ආහාර පළමු කොටම ගිලනුන්ටත්, දෙවනුව ගිලනුන්ට උපස්ථාන කරන අයටත්, තුන්වනුව අලුත පැවිදි වුණු හරිහැටි සිවුරු පෙරවිය නොහැකි භික්ෂූන්ටත් දිය යුතු වෙනවා. අනතුරුව විහාරයේ මහතෙරුන් වහන්සේ ඇතුළු අනෙක් මහා සංඝයාටත් පිරිනැමිය යුතු වෙනවා. මේ හැම දෙනාට ම තමන් වහන්සේ ලැබූ ආහාර පිළිගන්වා අවසානයට ඉතිරිවුණ දෙයක් වැළඳිය යුතු වෙනවා. තමන්ට ආහාර ඉතිරි නොවුණා නම් නැවතත් පිණ්ඩපාතයේ වැඩම කරලා ආහාර සොයාගෙන පැමිණිය යුතු වෙනවා. මේ විදිහට අඛණ්ඩ ව දොළොස් අවුරුද්දක් සම්පූර්ණ කළහොත් එම භික්ෂුව සාරාණීය වත සම්පූර්ණ කළ භික්ෂුවක් හැටියට සැලකෙනවා. යම් හේතුවකින් පිණ්ඩපාතයේ වැඩම කරලා සොයා ගත් දාන පාත්‍රය දානශාලාවේ හෝ ආවාස ගේ හෝ තියලා පැන් පහසුවීමට ගිහින් ආයෙත් ඇවිත් බලන කොට පාත්‍රයේ ආහාර තමන් වහන්සේට නො කියා විහාරයේ අනෙක් තෙරුන් වහන්සේ වළඳා තිබෙනු දැකලා ‘මට ඉතිරි කරන්නේ නැතිව ඔක්කොම වළඳලා’යි මුවින් නොකියා සිතින් සිතූ පමණින් ම සාරාණීය වත බිඳී යනවා. එහෙම වුණොත් ඒ මොහොතේ ඉඳන් ආයෙත් ඒ ව්‍රතය පිරිය යුතු වෙන...

කඹුරු දියණියක වූ සුභා තෙරණින් වහන්සේගේ ථේරීගාථා වර්ණනාව

​ ​ඇය පෙර ලොව පහළ වූ බුදුවරුන්ගේ කාලවලදී ද උදාර වූ පින්කම් සිදු කොට, සසරේ ඒ ඒ භවයන්හි කුසල් දහම් රැස් කරමින් පැමිණි පින්වන්තියකි. ක්‍රමයෙන් වඩන ලද නිර්වාණගාමි පුණ්‍ය සම්පත් ඇති ඇය, දිව්‍ය ලෝකයන්හි  දිව්‍ය සම්පත් අනුභව කරමින් හැසිරුණාය. ​පිරිපුන් ප්‍රඥාවෙන් යුක්තව පැමිණි ඇය, අප මහා සර්වඥ වූ ලෝකනාථ වූ භාග්‍යවත්  ගෞතම බුද්ධෝත්පාද කාලයෙහි මගධ රට රජගහ නුවර එක්තරා  ධනවත් රන්කරුවෙකුගේ (කම්මල්කරුවෙකුගේ/කඹුරු ප්‍රධානියෙකුගේ) දියණිය වී උපන්නාය. ඇය සතු වූ අතිශය මනහර, නෙත් සිත් අදනා රූප සෝභාව නිසාම ඇයට "සුභා" යන නාමය තබන ලදී. ​ ​වැඩිවියට පත් වූ සුභා කුමරිය දිනක්, තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මහා භික්ෂු සංඝයා පිරිවරාගෙන රජගහ නුවරට පිවිසෙන උදාර දර්ශනය දැක, සිතෙහි හටගත් අපරිමිත ශ්‍රද්ධා ප්‍රසාදයෙන් යුක්තව බුදුරදුන් වෙත එළඹුණාය. උන්වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් වැඳ එකත්පසෙක හිඳගත්තාය. ​මහා කාරුණික වූ ශාස්තෘන් වහන්සේ ඇයගේ ඉන්ද්‍රියයන්ගේ (ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා) මුහුකුරා යෑම දිවැසින් දැක, ඇයගේ අදහසට හා චරිතයට මැනවින් ගැළපෙන පරිදි, චතුරාර්ය සත්‍යය ගැබ් වූ අසිරිමත් ධර්ම ද...

දෙව් මිනිස්සුන්ට මෙන්ම තිරිසන් සතුන්ටත් කාරුණික වූ චුල්ල පිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේ

ලක්දිව වැඩසිටි රහතන් වහන්සේලා - 04 දඹදිව බුදුරජුන් වැඩ සිටි කාලයේ කසාවතින් බැබළුණේ යම් සේ ද ලංකාදීපය ද එසෙයින් ම කසාය වස්ත්‍රයෙන් බැබළුණේ ය. නොයෙක් සිය දහස් ගණන් මඟ ඵලලාභී උවසු උවැසියන් ද නිකෙලෙස් මුනිවර මුනිවරියන්ගෙන් ද අඩුවක් නො වී ය. එකල ලංකාවේ සිටි පින්වන්තයෝ ගෙවල් දොරවල් හරකා බාන අතහැර බුදු සසුනේ මහණ වී සසරින් එතෙර වූ සේක. උන්වහන්සේලා තුළ තුබූ ඒ අනන්ත, අප්‍රමාණ, ශ්‍රේෂ්ඨ ගුණ කඳ අද අපට සිතින් සිතා ගන්නවත් බැරි තරම් ය. ඒ රහතන් වහන්සේලා තුළ තිබූ නොඇලීම, අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටු වීම, දයාව, අනුකම්පාව, කරුණාව සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය එකකි. අටලෝ දහමින් කම්පා නොවන පිවිතුරු හදමඬලක් දරා වැඩ සිටි ඒ උත්තම මුනිවරු ගැන හිත පහදවා ගන්නට ලැබුණොත් බොහෝ කලක් හිත සුව පිණිස, සැපය පිණිස පවතිනු ඇත. ඉතින් අද අපි හිත පහදවා ගන්නේ ලංකාවේ වැඩ විසූ උත්තම අරහත් මුනිවරයෙක් ගැනයි. ඒ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ යි. උන්වහන්සේ විහාර මහා දේවියගේ සොහොයුරෙකි. කාවන්තිස්ස රජතුමා අප මුනිරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලළාට ධාතූන් වහන්සේ නිධන් කොට, සේරුවිල මංගල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ගොඩනැ...

ඇතෙකුගේ පා අතර හිඳ රහත් වූ තිස්සනාග රහතන් වහන්සේ

ලක්දිව වැඩසිටි රහතන් වහන්සේලා - 7 ලංකාද්වීපයේ රුහුණු ජනපදයෙහි ‘කෙළෙඹිය’ නම් විහාරයක් පිහිටා තිබුණේය. ඒ විහාරයෙහි මහත් වු ශ්‍රද්ධා ඇති තිස්සනාග නම් මහා තෙරුන් වහන්සේනමක් ප්‍රධානව වසන සේක. උන්වහන්සේ එක් දිනක් අමර ලෙන වසන සිව්පිළිසිඹියා පත් තිස්ස මහරහතන් වහන්සේ සමීපයට ගොස් පත්කඩය එළා වැඳ එකත්පස්ව වාඩිවුණ සේක. නේවාසික තෙරුන් වහන්සේලා ද පැමිණ මිහිරි වූ පිළිසඳර බස් කථා කොට එක් පැත්තකින් වාඩි වී උන් සේක. එවිට තිස්ස මහරහතන් වහන්සේ අවවාද වශයෙන් කියනුයේ, “ඇවැත්නි, සැදැහැයෙන් මහණ වූ ඔබවහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව වාසය කළ යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව සිහිනුවණින් වාසය කළ යුතුයි. ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරගත යුතුයි. මිථ්‍යා ආජීවයෙන් දුරුව කෙලෙස් තවන වීර්යය නමැති සම්පත්තියෙන් වාසය කළ යුත්තේය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්පසය නුවණින් යුතුව පරිභෝග කරමින් ප්‍රත්‍යය සංනිශ්‍රිත සීලයෙන් වාසය කළ යුතු වන්නේ ය. මෙසේ චතුපාරිශුද්ධ සීලයෙහි පිහිටා පිරිසිදු සිල් ඇතිව වාසය කරන භාවනානුයෝගයෙන් වීර්යය කරන්නාහට මාර්ග ඵල ලැබීම වහාම සිද්ධ වන්නේය. එබැවින් ප...

විපස්සී බුදු රදුන්ට කැවුම් පුදා කල්ප අනූ එකක්ම සුගතිගාමී වූ රෝහිණි රහත් තෙරණිය

මෙයින් මහා කල්ප අනූඑකකට පෙර ලොව පහළ වූ, තිලෝගුරු විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මේ පින්වත් උත්තමාවිය බන්ධුමතී නුවර එක්තරා කුලගෙයක උපත ලැබුවාය. සංසාරයේ බොහෝ පින්කම් කරමින් ආ ඕ තොමෝ, දිනක් බන්ධුමතී නගරයෙහි ශාන්ත ඉන්ද්‍රියයන්ගෙන් යුතුව, මහත් වූ බුද්ධ තේජසින් පිඬු පිණිස වඩිනා විපස්සි බුදුරජාණන් වහන්සේව දුටුවාය. ​දක්නන්ගේ නෙතට මෙන්ම සිතටද අමා නිවනක් ගෙන දුන් බුදුරජාණන් වහන්සේ දුටු සැණින් ඇගේ මුළු සිරුරම ප්‍රීතියෙන්, සොම්නසින් කිලිපොලා ගියේය. ඇය වහා දිව ගොස් මහත් වූ ශ්‍රද්ධාවෙන් තමා සන්තකයේ තිබූ කැවුම්, දානයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පුරවා පූජා කළාය. පූජා කොට අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත්ව, උතුම් වූ පසඟ පිහිටුවා අසීමිත ශ්‍රද්ධවෙන්  බුදු සමිඳුන් අභියස වැඳ වැටුණාය. ​එක් දිනක්, එකම එක වතාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පූජා කළ ඒ උතුම් කැවුම් දානයේ විපාකය කෙතරම් ආශ්චර්යවත්ද යත්, ​ඇය ඉන් පසු කිසිදු දිනක, එකදු ආත්මයක හෝ දුගතියකට (අපායකට) නොගියාය. ​සුගතිගාමී දෙව්ලොව උපත ලබා, තව්තිසා දිව්‍ය ලෝකයේ දේවරාජයන් තිස්හය දෙනෙකුගේ (36) ප්‍රධාන අගමෙහෙසිය වීමේ වාසනාව ලැබුවාය...

රජ මාලිමාවේදීම කෙස් වැටිය කපා ධ්‍යාන වැඩූ සුමේධා රහත් තෙරණින් වහන්සේ

  සුමේධා තෙරණිය යනු එක් ආත්මයකින් නිවන් දැකි තැනැත්තියක නොවේ. ඇය දීර්ඝ සංසාරයක් පුරා පෙර බුදුවරුන් උදෙසා අසිරිමත් පින්කම් සිදුකරමින්, විමුක්තිය පිණිස උපකාරී වන ප්‍රඥාව සහ කුසල් ශක්තිය (අධිකාරී බලය) රැස්කළ උත්තමාවියකි. ​කෝණාගමන නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඇය එක්තරා කුලගෙයක උපත ලැබුවාය. එහිදී තමා හා සමාන අදහස් ඇති, ගුණවත් යෙහෙළියන් දෙදෙනෙකු (ධනඤ්ජානි සහ ඛෙමා) සමඟ එක්වී, ඇය තමන් සතු ධනය වැයකර මහා විහාරයක් (ආරාමයක්) කරවූවාය. එම ආරාමය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා පූජා කරමින් මහත් වූ කුසල් සම්භාරයක් අත්පත් කරගත්තාය. ​එම මහා පින්කමේ ආනිශංසයෙන් ඕ තොමෝ මරණින් පසු තව්තිසා දිව්‍ය ලෝකයෙහි උපන්නාය. එහි ආයුෂ කෙළවර වී, පිළිවෙළින් යාමය, තුසිතය, නිර්මාණරතිය, සහ පරනිර්මිත වසවර්තිය යන පඤ්චවිධ කාමලෝකයන්හි උපත ලබමින්, ඒ ඒ දිව්‍ය ලෝකයන්හි ඉපදුණු දිව්‍ය රාජයන්ගේ අගමෙහෙසිය බවට පත්වූවාය. සියක්දහස් වාරයක් ඇය දෙව්ලොව සහ මිනිස් ලොව උපදිමින් මහත් වූ සෘද්ධි බලයෙන් හා ඓශ්වර්යයෙන් යුක්ත වූවාය. සක්විති රජවරුන්ගේ "ස්ත්‍රී රත්නය" බවට පත්වීමට තරම් ඇය භාග්‍යවන්ත වූවාය. ​කාශ්‍යප බු...

වත්ථුල පර්වතයේ විසූ ශ්‍රද්ධාවත් අඹු සැමි යුවලකගේ කථාව

බැමිණිතියාසාය නම් වූ ඒ අඳුරු, බිහිසුණු දොළොස් වසරක සාගත සමය යනු අහසින් වැහි බිඳක් නොවැටුණු, පොළොව පැලී ගිය, මුළු ලක්දිවම මරණයේ සෙවනැල්ලෙන් වැසී ගිය යුගයකි. කුසගින්න නිවාගන්නට නරක ආහාර ගැනීම නිසා මිනිසුන් ලෙඩ රෝගවලින් පීඩා වින්දාහ. උන් සියල්ලන්ගේම ශරීර ඇට හා හමට පමණක් සීමා විය. කාන්තාවන් යකින්නන් මෙන්ද, පිරිමින් ප්‍රේතයන් මෙන්ද දර්ශනය වූ ඒ බිහිසුණු පරිසරය තුළ, හැම නිවසකින්ම ඇසුණේ මරණයේ විලාපයත්, අවමඟුල් දෝංකාරයත් පමණි. තැන තැන කුණුවන මළසිරුරුවල ගඳට අමනුෂ්‍යයන් පවා රොද බැඳ සිටි ඒ මහා සාගතයෙන් බේරෙන්නට මිනිසුන් කඳු හෙල් හා ගංගා නිම්න කරා පලා ගියහ. ​එවැනි එක් අවස්ථාවක, වත්ථුල පර්වත පාමුල මිනිසුන් රැසක් ජීවිතය රැකගන්නට වෙහෙසුණහ. එහි විසූ එක් දුප්පත් ගැමියෙක්, තම බිරිඳත් සමග ජීවත් වන්නට මඟක් සොයමින් කන්ද පුරා ඇවිද ගියේය. කඳු මුදුනෙහි තිබූ එක්තරා "කර"  ගසක් දැක, එය නිවහන කරගන්නට සිතූ ඔහු, එහි අතු ඇසුරින් කුඩා පැල්පතක් අටවා ගත්තේය. ​ඒ ගසෙහි තිබුණේ ප්‍රධාන අතු තුනක් පමණි. ඒ අතු තුන දකිද්දීත් ඔහුගේ සිත තුළ උපන්නේ මහා ශ්‍රද්ධාවකි. ඔහු තීරණයක් ගත්තේය,  ​"මේ එක අත්තක කොළ ...

මහා දුර්භික්ෂ කාලයේදීත් රුක් දේවතාවුන්ගෙන් දන් පැන් ලැබූ සෘද්ධිමත් තම්බසුමන රහතන් වහන්සේ

ලක්දිව විසු රහතන් වහන්සේලා - 01    තම්බසුමන රහතන් වහන්සේ කලින් ජීවිතයේදීත් ලංකාදීපයේ ම සද්ධාතිස්ස රජතුමා රාජ්‍යය කරන කල්හි ඉපිද රජතුමාට සේවය කරමින් රාජකාරියෙහි යෙදුණේ ය. එකල්හී රාජකාරියෙහි යෙදුණු ඒ පුරුෂයා රජතුමාගේ කටයුත්තකට කොටගල දනව්වට ගියේ ය. එහි වාසය කරන මිනිස්සු ඔහුට ආගන්තුක සත්කාර කරමින්, ගිතෙල් හා නොයෙක් ව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත බත් පිස අනුභව කරන්නට දුන්නෝ ය. ඒ රාජ පුරුෂයා ආහාර ගැනීම සඳහා සූදානම් වන විට එක් භික්ෂූන් වහන්සේනමක් පිඬු සිඟා වඩිමින් එතනට පැමිණියහ. ඒ පුරුෂයා තෙරුන් දැක පැහැදී උන්වහන්සේගේ පාත්‍රය ගෙන ගිතෙල් සහිත බත් තෙරුන්ට පූජා කළේ ය. උන්වහන්සේ බත් වළඳා වැඩිපුර ඇති ගිතෙල්, බෙහෙත් සඳහා තැබූ සේක. ඒ පුරුෂයා මේ පින්කම පමණක් සිද්ධ කොට ආයු කෙළවර කලුරිය කොට මේ ලංකාද්වීපයෙහි ම වලගම නම් ගමෙහි එක් කුලයක උපන්නේ ය. ඔහුගේ දෙමව්පියෝ ‘සුමන’ යන නමින් ඔහුට කථා කළහ. සුමන පුත්‍රයා වැඩිවිය පැමිණ සුදුසු කල්හි විවාහ වී ගෙදර වාසය කරන්නේ නොබෝ කලකින් ම ගිහිගෙයි ආදීනව දැක, මහණකමේ අනුසස් දැන සියලු සම්පත් හැර දමා බ්‍රාහ්මණ රාම නම් විහාරයට ගොස් බුදු සසුනෙහි පැවිදි විය. පටන් ගත් ...

පහන් පූජාවෙන් නිවන් මග විවර කරගත් පඤ්චදීපා රහත් තෙරණිය

​මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි, ඇය හංසවතී නගරයෙහි කුසල් දහම් සොයා ඇවිදිනා සැදැහැති උපාසිකාවක වූවාය. ​දිනක්, දැඩි අන්ධකාරයෙන් පිරි අමාවක පොහෝ දිනෙක ඇය උතුම් බෝධීන් වහන්සේ අභියසට පැමිණියාය. නිසල රාත්‍රියේ, කළුවර මැද වැඩසිටි ඒ මහා බෝ රුක දුටු ඇයට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසදෘශ වූ, ප්‍රබල ශ්‍රද්ධාවක් උපන්නාය. ඇය ඒ බෝධි මූලයෙහි  එකත් පස්ව අසුන් ගත්තාය. ​ඇය දොහොත් මුදුන් දී වැඳ, අතිශය සොම්නස් සහගත සිතින් යුතුව මෙසේ සත්‍ය ක්‍රියාවක් කළාය, ​"ඉදින් මාගේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණ ඇති සේක් නම්, ලොව අසමසම වූ සාස්තෘන් වහන්සේ  වන සේක් නම්, මා කෙරෙහි අනුකම්පාවෙන් මට පෙළහරක් දක්වන සේක්වා! මේ මහා බෝ වෘක්ෂය ආලෝකයෙන් බබළවන සේක්වා!" ​ඇයගේ ඒ නොසැලෙන ශ්‍රද්ධාවේ බලයෙන් සහ චිත්තවේගයේ පවිත්‍රත්වය නිසා, සිතූ සැණින්ම මුළු බෝධි වෘක්ෂයම දිව්‍යමය ආලෝකයකින් ඒකාලෝක විය. සතර දිශාවම බැබළෙමින්, මුළු බෝ රුකම රනින් නිම කළාක් මෙන් දිලිසෙන්නට විය. ​මෙම පෙර නොදුටූ විරූ ප්‍රාතිහාර්යයෙන් මහත් ප්‍රීතියට පත් ඇය, සත් අහොරෑයක් (දින හතක්) පුරා ඒ බෝධි මූලයෙහිම ධ්‍යාන...