ධර්ම කථික භික්ෂුණින් අතර අග් ර වූ චූල වේදල්ල සූත් රය දේශනා කල ධම්මදින්නා මහ රහත් තෙරණිය "ඡන්දජාතා අවසායී" ආදී වශයෙන් ආරම්භ වන ගාථාවන්ගෙන් ශෝභමාන වන්නේ ධර්මකථික භික්ෂුණීන් අතර අග් රස්ථානය හෙබවූ ධම්මදින්නා අරහත් තෙරණියන්ගේ උදාන ප් රකාශනයයි. තෙරණියන්ගේ සංසාරික ප් රවෘත්තිය දෙස බලන කල, මෙයින් කල්ප සියක්දහසකට (ලක්ෂයකට) පෙර පදුමුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ හංසවතී නගරයෙහි අතිශය දුප්පත්, අනුන්ට බැලමෙහෙකම් කරමින් පරාධීන ජීවන වෘත්තියක් ගෙවූ කුලයක උපන්නාය. ඇය දක්ෂ වූ, සීලසම්පන්න වූ, දිය අදින ස්ත් රියක් ලෙස ජීවත් වූවාය. එක් දිනක් ඇය පැන් කළය ද ගෙන යන විට, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග් රශ් රාවක වූ, නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි සුජාත මහා තෙරණුවන් වහන්සේ විහාරයෙන් නික්ම පිඬු පිණිස වඩිනු දුටුවාය. උන්වහන්සේ දැක සිත අතිශයින් පහදාගෙන, තමන් සතු වූ කැවුම් සියතින්ම පූජා කළාය. මහතෙරණුවෝ එතැනම හිඳ ඒ කැවුම් වැළඳූ අතර, අනතුරුව ඇය උන්වහන්සේව තමන්ගේ ගෙදරට කැඳවාගෙන ගොස් සාදරයෙන් ආහාර පිළිගැන්වූවාය. ඒ කළා වූ පිනෙහි මහිමයෙන් හා ඇගේ ග...
විමලා තෙරණියෝ පෙර ලොව පහළ වූ බුදුවරුන්ගේ කාලවලදී ද සසුන් කෙරෙහි උදාර වූ පින්කම් (අධිකාර්යයන්) සිදු කොට, සසරේ ඒ ඒ භවයන්හි මහා පින් රැස් කරමින් පැමිණි හේතු සම්පත් ඇති පින්වන්තියකි. ඇය තමාගේ අවසාන භවය වූ මෙම ගෞතම බුද්ධෝත්පාද කාලයෙහි, විභූතිමත් විසාලා මහ නුවර එක්තරා නගරශෝභනියකගේ (ගණිකාවකගේ) කුසෙහි දියණියක වී උපන්නාය. ඇයට මව්පියන් තැබූ නාමය "විමලා" නම් විය. ඕ ක්‍රමයෙන් වියපත් වී, තාරුණ්‍යයෙන් මුහුකුරා ගිය කල්හි, සිය මවගේ වෘත්තියම (නගරශෝභනී වෘත්තියම) තමාගේ ද ජීවනෝපාය කරගනිමින්, රූප මදයෙන් හා යෞවන මදයෙන් මත්ව විසාලා නුවර වාසය කළාය. දිනක්, සෘද්ධිමතුන් අතර අග්‍ර වූ, ඉඳුරන් දමනය කළ, ශාන්ත වූ ආයුෂ්මත් මහා මුගලන් මහ රහතන් වහන්සේ විසාලා නුවර පිඬු පිණිස හැසිරෙනු මේ විමලා දුටුවාය. උන්වහන්සේගේ අතිශය ශාන්ත වූ දේහ විලාසය දෙස බලා, අඥාන වූ ඇය,උන්වහන්සේ කෙරෙහි පිළිබඳ සිතක් (රාග සිතක්) ඇති විය. ඇතැම් අටුවාචාරීන් වහන්සේලා පවසන පරිදි, බුදු සසුන කෙරෙහි ඊර්ෂ්‍යා කළ බාහිර තීර්ථකයන් (අන්‍ය ආගමිකයන්) විසින් මහා මුගලන් රහතන් වහන්සේ සිල් බිඳවා අපකීර්තියට පත් කරනු පිණිස මේ විමලාව ...