Skip to main content

Posts

ධර්ම කථික භික්ෂුණින් අතර අග්‍ර වූ චූල වේදල්ල සූත්‍රය දේශනා කල ​ධම්මදින්නා මහ රහත් තෙරණිය

  ධර්ම කථික භික්ෂුණින් අතර අග් ‍ ර වූ චූල වේදල්ල සූත් ‍ රය දේශනා කල ​ධම්මදින්නා මහ රහත් තෙරණිය     ​"ඡන්දජාතා අවසායී" ආදී වශයෙන් ආරම්භ වන ගාථාවන්ගෙන් ශෝභමාන වන්නේ ධර්මකථික භික්ෂුණීන් අතර අග් ‍ රස්ථානය හෙබවූ ධම්මදින්නා අරහත් තෙරණියන්ගේ උදාන ප් ‍ රකාශනයයි. ​තෙරණියන්ගේ සංසාරික ප් ‍ රවෘත්තිය දෙස බලන කල, මෙයින් කල්ප සියක්දහසකට (ලක්ෂයකට) පෙර පදුමුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ හංසවතී නගරයෙහි අතිශය දුප්පත්, අනුන්ට බැලමෙහෙකම් කරමින් පරාධීන ජීවන වෘත්තියක් ගෙවූ කුලයක උපන්නාය. ඇය දක්ෂ වූ, සීලසම්පන්න වූ, දිය අදින ස්ත් ‍ රියක් ලෙස ජීවත් වූවාය. එක් දිනක් ඇය පැන් කළය ද ගෙන යන විට, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග් ‍ රශ් ‍ රාවක වූ, නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි සුජාත මහා තෙරණුවන් වහන්සේ විහාරයෙන් නික්ම පිඬු පිණිස වඩිනු දුටුවාය.    උන්වහන්සේ දැක සිත අතිශයින් පහදාගෙන, තමන් සතු වූ කැවුම් සියතින්ම පූජා කළාය. මහතෙරණුවෝ එතැනම හිඳ ඒ කැවුම් වැළඳූ අතර, අනතුරුව ඇය උන්වහන්සේව තමන්ගේ ගෙදරට කැඳවාගෙන ගොස් සාදරයෙන් ආහාර පිළිගැන්වූවාය. ඒ කළා වූ පිනෙහි මහිමයෙන් හා ඇගේ ග...
Recent posts

විමලා රහත් තෙරණින් වහන්සේගේ ගාථා වර්ණනාව

​ ​විමලා තෙරණියෝ පෙර ලොව පහළ වූ බුදුවරුන්ගේ කාලවලදී ද සසුන් කෙරෙහි උදාර වූ පින්කම් (අධිකාර්යයන්) සිදු කොට, සසරේ ඒ ඒ භවයන්හි මහා පින් රැස් කරමින් පැමිණි හේතු සම්පත් ඇති පින්වන්තියකි. ​ඇය තමාගේ අවසාන භවය වූ මෙම ගෞතම බුද්ධෝත්පාද කාලයෙහි,  විභූතිමත් විසාලා මහ නුවර එක්තරා නගරශෝභනියකගේ (ගණිකාවකගේ) කුසෙහි දියණියක වී උපන්නාය. ඇයට මව්පියන් තැබූ නාමය "විමලා" නම් විය. ඕ ක්‍රමයෙන් වියපත් වී, තාරුණ්‍යයෙන් මුහුකුරා ගිය කල්හි, සිය මවගේ වෘත්තියම (නගරශෝභනී වෘත්තියම) තමාගේ ද ජීවනෝපාය කරගනිමින්, රූප මදයෙන් හා යෞවන මදයෙන් මත්ව විසාලා නුවර වාසය කළාය. ​ ​දිනක්, සෘද්ධිමතුන් අතර අග්‍ර වූ, ඉඳුරන් දමනය කළ, ශාන්ත වූ ආයුෂ්මත් මහා මුගලන් මහ රහතන් වහන්සේ විසාලා නුවර පිඬු පිණිස හැසිරෙනු මේ විමලා දුටුවාය. උන්වහන්සේගේ අතිශය ශාන්ත වූ දේහ විලාසය දෙස බලා, අඥාන වූ ඇය,උන්වහන්සේ   කෙරෙහි පිළිබඳ සිතක් (රාග සිතක්) ඇති විය. ​ඇතැම් අටුවාචාරීන් වහන්සේලා පවසන පරිදි, බුදු සසුන කෙරෙහි ඊර්ෂ්‍යා කළ බාහිර තීර්ථකයන් (අන්‍ය ආගමිකයන්) විසින් මහා මුගලන් රහතන් වහන්සේ සිල් බිඳවා අපකීර්තියට පත් කරනු පිණිස මේ විමලාව ...

අසත්පුරුෂයාටත් සත්පුරුෂ නිවන් මගට යොමුකළ ආරඤ්ඤක අභය රහතන් වහන්සේ

ලක්දිව විසූ රහතන් වහන්සේලා - 08 මේ ලංකාද්වීපයේ ‘මහතලා’ නම් විහාරයේ ත්‍රිපිටකධාරී අභය නම් මහ තෙරුන් වහන්සේනමක් වැඩ වාසය කළේ ය. පසුව අභය තෙරුන් වහන්සේ එම ග්‍රාමාන්ත සේනාසනය අත්හැර කරන ලද කුටියක වාසය කළේ ය. එසේ හෙයින් උන්වහන්සේ ‘ආරඤ්ඤක රහතන් වහන්සේ’ යැයි ප්‍රසිද්ධ වූ සේක. එකල එක් උපාසකයෙක් මහ තෙරුන් වහන්සේගෙන් බණ අසා පැහැදී දොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි සිව්පස දානයෙන් උපස්ථාන කරන්නේ ය. මෙසේ උපස්ථාන කරන ඒ උපාසකයා සෑම අවුරුද්දක ම සිවුර සඳහා වස්ත්‍ර දන් සෙයි. එය දන්නා ‘හරන්තික’ නම් සොරෙක් රාත්‍රී කාලයෙහි ගොස් දුන් දුන් වස්ත්‍ර සොරකම් කොට රැගෙන පලා යන්නේ ය. තෙරුන් වහන්සේ දිරූ සිවුරු ම පොරවාගෙන සිටි සේක. ඒ උපාසකයා එය දැක නැවතත් සිවුරු පිණිස වස්ත්‍ර දන් දී සිතනුයේ ‘මා විසින් අපේ ආර්යයන් වහන්සේට සිවුරු පිණිස බොහෝ දෙන ලදී. ඉන් සිවුරක් කොට පොරවන බව මම තාම දැක නැත්තෙමි. මෙසේ වන්නට කාරණාව කුමක්දැයි පරීක්ෂා කළ මැනවැ’ යි සිතා රාත්‍රියෙහි ආසන්න ස්ථානයක සැඟවී සිටියේ ය. එකල හරන්තිකයා අලු‍ත් වස්ත්‍ර දුන් බව දැන රාත්‍රියෙහි විහාරයට අවුත් වස්ත්‍ර තිබූ තැනින් අරගෙන නැවතත් සැක නැතිව එම මගින් ම එමින...

පේසලා රහත් තෙරණින් වහන්සේගේ ථේරි ගාථා වර්ණනාව

​ ​මෙයින් බොහෝ කලකට පෙර, මේ මහා භද්‍රකල්පයෙහිම ලොව පහළ වූ, මුළු මහත් බ්‍රහ්ම ලෝකය දක්වාම පැතිරුණු කීර්ති ඝෝෂාවක් ඇත්තා වූ, වාදීන් අතර උත්තරීතර වූ කස්සප නම් ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ සමයෙහි පේසලා තෙරණියෝ, සැඳැහැවත් උපාසිකාවක් ලෙසින් සැවැත් නුවර කුලවත්  නිවසක උපන්නීය. ​දිනක් ඇය ඒ ජිනේන්ද්‍රයන් වහන්සේව සියැසින් දැක, උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්  ගලා හැළුණු මනහර දේශනාව ශ්‍රවණය කිරීමේ භාග්‍යය ලැබුවාය. ඒ මහා වීරයන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් තිසරණ වැද, දිවි හිමියෙන් පංචශීලය සමාදන්ව ආරක්ෂා කළාය. ​ ​එක්තරා දිනක කස්සප බුදුරජාණන් වහන්සේ මහා ජන සමාගමයක් මධ්‍යයෙහි වැඩසිටිමින්, තමන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් අයුරු (අභිසම්බෝධිය) මෙසේ ප්‍රකාශ කළ සේක,  ​"මහණෙනි, 'දුක්ඛං අරියසච්චං' (දුක නමැති ආර්ය සත්‍යය) ආදී වශයෙන් පෙර නොඇසූ විරූ උතුම් ධර්මයන්හි මට නුවණැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාලෝකය උදා විය." ​මෙම උදාර සිංහනාදය ශ්‍රවණය කළ පේසලා උපාසිකාව, ධර්මය කෙරෙහි දැඩි ඇල්මකින් එය මනාව ඉගෙන ගත්තාය. එපමණකින් නොනැවතී, ඇය නිරන්තරයෙන් ව්‍යක්ත භික්ෂූන් ව...

සාරාණීය වත පිරූ ලෙනගිරිවාසී තිස්ස මහතෙරුන් වහන්සේ

ශාසන දායාදය ලබන භික්ෂූන් වහන්සේ සම්පූර්ණ කරන වතක් තමයි සාරාණීය වත කියලා කියන්නේ. පිණ්ඩපාතයේ ගිහින් පාත්‍රයට ලැබෙන ආහාර පළමු කොටම ගිලනුන්ටත්, දෙවනුව ගිලනුන්ට උපස්ථාන කරන අයටත්, තුන්වනුව අලුත පැවිදි වුණු හරිහැටි සිවුරු පෙරවිය නොහැකි භික්ෂූන්ටත් දිය යුතු වෙනවා. අනතුරුව විහාරයේ මහතෙරුන් වහන්සේ ඇතුළු අනෙක් මහා සංඝයාටත් පිරිනැමිය යුතු වෙනවා. මේ හැම දෙනාට ම තමන් වහන්සේ ලැබූ ආහාර පිළිගන්වා අවසානයට ඉතිරිවුණ දෙයක් වැළඳිය යුතු වෙනවා. තමන්ට ආහාර ඉතිරි නොවුණා නම් නැවතත් පිණ්ඩපාතයේ වැඩම කරලා ආහාර සොයාගෙන පැමිණිය යුතු වෙනවා. මේ විදිහට අඛණ්ඩ ව දොළොස් අවුරුද්දක් සම්පූර්ණ කළහොත් එම භික්ෂුව සාරාණීය වත සම්පූර්ණ කළ භික්ෂුවක් හැටියට සැලකෙනවා. යම් හේතුවකින් පිණ්ඩපාතයේ වැඩම කරලා සොයා ගත් දාන පාත්‍රය දානශාලාවේ හෝ ආවාස ගේ හෝ තියලා පැන් පහසුවීමට ගිහින් ආයෙත් ඇවිත් බලන කොට පාත්‍රයේ ආහාර තමන් වහන්සේට නො කියා විහාරයේ අනෙක් තෙරුන් වහන්සේ වළඳා තිබෙනු දැකලා ‘මට ඉතිරි කරන්නේ නැතිව ඔක්කොම වළඳලා’යි මුවින් නොකියා සිතින් සිතූ පමණින් ම සාරාණීය වත බිඳී යනවා. එහෙම වුණොත් ඒ මොහොතේ ඉඳන් ආයෙත් ඒ ව්‍රතය පිරිය යුතු වෙන...

කඹුරු දියණියක වූ සුභා තෙරණින් වහන්සේගේ ථේරීගාථා වර්ණනාව

​ ​ඇය පෙර ලොව පහළ වූ බුදුවරුන්ගේ කාලවලදී ද උදාර වූ පින්කම් සිදු කොට, සසරේ ඒ ඒ භවයන්හි කුසල් දහම් රැස් කරමින් පැමිණි පින්වන්තියකි. ක්‍රමයෙන් වඩන ලද නිර්වාණගාමි පුණ්‍ය සම්පත් ඇති ඇය, දිව්‍ය ලෝකයන්හි  දිව්‍ය සම්පත් අනුභව කරමින් හැසිරුණාය. ​පිරිපුන් ප්‍රඥාවෙන් යුක්තව පැමිණි ඇය, අප මහා සර්වඥ වූ ලෝකනාථ වූ භාග්‍යවත්  ගෞතම බුද්ධෝත්පාද කාලයෙහි මගධ රට රජගහ නුවර එක්තරා  ධනවත් රන්කරුවෙකුගේ (කම්මල්කරුවෙකුගේ/කඹුරු ප්‍රධානියෙකුගේ) දියණිය වී උපන්නාය. ඇය සතු වූ අතිශය මනහර, නෙත් සිත් අදනා රූප සෝභාව නිසාම ඇයට "සුභා" යන නාමය තබන ලදී. ​ ​වැඩිවියට පත් වූ සුභා කුමරිය දිනක්, තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මහා භික්ෂු සංඝයා පිරිවරාගෙන රජගහ නුවරට පිවිසෙන උදාර දර්ශනය දැක, සිතෙහි හටගත් අපරිමිත ශ්‍රද්ධා ප්‍රසාදයෙන් යුක්තව බුදුරදුන් වෙත එළඹුණාය. උන්වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් වැඳ එකත්පසෙක හිඳගත්තාය. ​මහා කාරුණික වූ ශාස්තෘන් වහන්සේ ඇයගේ ඉන්ද්‍රියයන්ගේ (ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා) මුහුකුරා යෑම දිවැසින් දැක, ඇයගේ අදහසට හා චරිතයට මැනවින් ගැළපෙන පරිදි, චතුරාර්ය සත්‍යය ගැබ් වූ අසිරිමත් ධර්ම ද...

දෙව් මිනිස්සුන්ට මෙන්ම තිරිසන් සතුන්ටත් කාරුණික වූ චුල්ල පිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේ

ලක්දිව වැඩසිටි රහතන් වහන්සේලා - 04 දඹදිව බුදුරජුන් වැඩ සිටි කාලයේ කසාවතින් බැබළුණේ යම් සේ ද ලංකාදීපය ද එසෙයින් ම කසාය වස්ත්‍රයෙන් බැබළුණේ ය. නොයෙක් සිය දහස් ගණන් මඟ ඵලලාභී උවසු උවැසියන් ද නිකෙලෙස් මුනිවර මුනිවරියන්ගෙන් ද අඩුවක් නො වී ය. එකල ලංකාවේ සිටි පින්වන්තයෝ ගෙවල් දොරවල් හරකා බාන අතහැර බුදු සසුනේ මහණ වී සසරින් එතෙර වූ සේක. උන්වහන්සේලා තුළ තුබූ ඒ අනන්ත, අප්‍රමාණ, ශ්‍රේෂ්ඨ ගුණ කඳ අද අපට සිතින් සිතා ගන්නවත් බැරි තරම් ය. ඒ රහතන් වහන්සේලා තුළ තිබූ නොඇලීම, අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටු වීම, දයාව, අනුකම්පාව, කරුණාව සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය එකකි. අටලෝ දහමින් කම්පා නොවන පිවිතුරු හදමඬලක් දරා වැඩ සිටි ඒ උත්තම මුනිවරු ගැන හිත පහදවා ගන්නට ලැබුණොත් බොහෝ කලක් හිත සුව පිණිස, සැපය පිණිස පවතිනු ඇත. ඉතින් අද අපි හිත පහදවා ගන්නේ ලංකාවේ වැඩ විසූ උත්තම අරහත් මුනිවරයෙක් ගැනයි. ඒ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ යි. උන්වහන්සේ විහාර මහා දේවියගේ සොහොයුරෙකි. කාවන්තිස්ස රජතුමා අප මුනිරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලළාට ධාතූන් වහන්සේ නිධන් කොට, සේරුවිල මංගල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ගොඩනැ...